Colombo Today Local News

ඩයරි-කැලැන්ඩර් එපා… සියළු අනවශ්‍ය වියදම් කපා හරින්න – රාජ්‍ය ආයතනවලට රජය දන්වයි

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සදහා දිනපොත්, කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ අත්සණින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයේ එය දැක්වෙයි.

නව රජය පත්වූ පසුව ලබාදුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙස ද එමගින් දැනුම් දී තිබෙනවා.

නව වාහන මිළදී ගැනීම, කාර්යාල උපකරණ මිලදී ගැනීම සහ ගොඩනැගිලි කුලියට ගැනීම කිසිදු අයුරකින් නොකළ යුතු බවද මහා භාණ්ඩාගාරය නිකුත් කල චක්‍රලේඛයේ තව දුරටත් දැක්වෙයි.

Related posts

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin