Colombo Today Local News

මන්ත්‍රී ධුරය අහෝසි කර සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි… ලිපිය මැතිවරණ කොමිසමට !

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කර ඔහුව ශ්‍රීලනිපයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඊට අදාල ලිපිය මැතිවරණ කොමිසම වෙත හා පාර්ලිමේන්තුව වෙත යැවන බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

වෙනත් දේශපාලන පක්ෂ සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මීට පෙර තීරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව මේ වනවිටත් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව පොදුජන පෙරමුණ හා එක් වූ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත. ඔවුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීම ලබන සතිය තුළ සිදු කීරීම නියමිතය.

ලබන සතියේදී ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර එහිදී පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

Related posts

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

colombotoday

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

colombotoday