Colombo Today Local News

ගම්පොල තරුණයෙකු සෑදු කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ගැන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරියගේ අවධානය

ශ්‍රී ලංකාවේ පවත්නා අනෙකුත් සමාජ හා ආර්ථික ගැටළුවලට සාපේෂව ඉදිරියට යන නිහඬ, නමුත් වර්ධනය වන ගැටළුවක්‌ ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ගැටළුව පෙන්වාදිය හැකිය.

දිවයින තුළ මෙම ගැටළුව හුදෙක්‌ පාරිසරික හා සෞඛ්‍ය ගැටළුවලට පමණක්‌ සීමා නොවී ප්‍රබල සමාජ ගැටළුවක්‌ බවටද අද වනවිට පත්ව තිබෙනවා.එහිදි කොළඹ කුණු ගැන මුළු රටම අවදියෙන් සිටින බවක් විශේෂයෙන් දැකගතහැකි කරුණකි.

කෙසේ වෙතත් කුණුකසළ ගැටළුවට විසඳුමක් ලෙස මහනුවර දොළුව ප්‍රදේශයේ තරුණයෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න විසින් දිනකට කසළ ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක කසළ (ඝන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, යකඩ හා පොලිතින්, සත්ව ඇටකටු) ප්‍රතිචක්‍රීයකරණය කොට කුඩා කැබලි කිරීමට හැකි දැවැන්ත යන්ත්‍රයක් නිපදවා තිබේ.

මේ පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ අවධානය යොමුව තිබේ.

ඒ සදහා කමිටුවක්ද අරඹේපොල මහත්මිය විසින් පත් කර ඇති අතර එහිදි කුණු කසල ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් ලෙස මෙම යන්ත්‍රය යොදාගත හැකි ආකාරය පිලිබදව අවධානයට යොමුවෙයි.

Related posts

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday