Colombo Today Local News

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර උද්ඝෝෂණයක නිරත වී සිටි එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක රාජ්‍ය සභාවේ සාමාජික වයිකෝ ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ‍


ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ඊයේ උදෑසන වයිකෝ ඇතුළු පිරිස උද්ඝෝෂණයක නිරත වී සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර හෙතෙම නොවැම්බර් 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇත. 


Related posts

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

සේරුවිල රජමහා විහාරයේ කටයුතුවලට මහනායක හිමියන්ට මැදිහත් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. | කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට චෝදනා. | නීතිඥයා අලි සබ්‍රිගේ ජේෂ්ඨතම කනිෂ්ඨයෙක්. Updated

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

Admin

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

වැල්ලවත්තේදී බීමත් රියැදුරෙක් සිව් දෙනෙක් යට කර පළායයි – අයෙක් මරුට

colombotoday