සුරක්ෂිත රටක්’ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.
පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්‍රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.
මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.