Colombo Today Local News

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතැයි අරුණ පුවත්පත පවසයි.

ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිතය.

භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි කාලය ඇතුළත රැකියා ලබාදීමෙන් වැළකිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මහ මැතිවරණය ඉලක්ක කරමින්, මනාප ලබාගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද ඇමැතිවරුන් වැළකී සිටිය යුතු වෙයි.

මාර්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

Aruna.lk

Related posts

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday