Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම අධිකරණය අසලදී තමාට බැන තර්ජනය කාලායැයි සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හෝමාගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුවූ නඩු විභාගයකින් අනතුරුව පසුගිය වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි.

එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටි අතර, උන්වහන්සේට ලබා දුන් සිරදඬුවම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කල අතර එම තීන්දුවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කරමින් ඥානසාර හිමිට සිරදඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එම නඩුව අද (21) කැඳවූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ පුලස්ති හේවාමාන්න කරුණු දක්වමින් මෙම නඩුවට අදාලව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලැබී ඇද්දැයි සොයාබැලීම සඳහා කාලය අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව 2020 මැයි 05 වනදා මෙම නඩුව යලි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

එක්නැලිගොඩ නිසා තවත් බුද්ධි නිලධාරියෙක් සිරගෙට.. දැන් 7යි

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

colombotoday

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

colombotoday

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

colombotoday