Colombo Today Local News

මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි… අපේ ඉල්ලීම් දිනාගැනීමට සජිත් දිනවිය යුතුමයි !

මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වන බැවින් ‍ජනාධිපතිවරණය වර්ජනය කිරීමට දෙමළ ජනතාවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට වවුනියාව නගර සභා ශාලාවේදී ඊයේ (09) එක්වෙමින් සම්බන්ධන් මහතා එලෙස ප්‍රකාශ කර ඇත.

සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ජන්දය මත ජනාධිපතිවරයා තීරණය වන තීරණාත්මක අවස්ථාවක් උදාවි ඇති බවයි.

එබැවින් දෙමළ ජනතාවට මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.

දෙමළ ජනතාව 2005වසරේ ජන්දය වර්ජනය කිරීම හේතුවෙන් දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුවු දුක් කරදර සම්බන්ධයෙන් දෙමළ ජනතාවට නැවත මතක් කිරීමට අවශ්‍ය නොමැති අතර, මෙවර ජනාධිපතිවරණය 2005 මැතිවරණයට වඩා තීරණාත්මක වන බව හෙතෙම පැවසුවේය.

සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට ඇති එකම විසදුම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිකරවීම පමණක් වන බවයි.

එබැවින් සියළු දෙමළ ජනතාව එක්වි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙසට පත් කිරීම උදෙසා සියළුදෙනාම ජන්දය භාවිතා කළ යුතුබවත්, ඒ හරහා දෙමළ ජනතාවගේ ගැටළු විසදා ගැනීමට හැකිවන බවත් වැඩසටහන් අවස්ථාවේදී පැවසුවේය.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා,එස්.ශිවමෝහන් මහතා, චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශාන්ති ස්කන්ධරාජා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

colombotoday

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday