World

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ මරණය නිල වශයෙන් පිළිගෙන ඇති එම ත්‍රස්ත සංවිධානය සිය නව නායකයා නම් කර තිබේ.

ඒ අනුව, ඉස්ලාම් රාජ්‍යයේ සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපද විශේෂ බලකාය වයඹදිග සිරියාවේදී බග්ගාදි අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු රැඳී සිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කර දැමීය.

එම අවස්ථාවේදී බග්දාදි උමං මාර්ගයකට දිවගොස් සිය කුඩා දරුවන් දෙදෙනෙකු සමග මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මරු වැළඳ ගෙන තිබුණි.

2014 වසරේදී ඉරාකයේ සහ සිරියාවේ විශාල කොටසක බලය අත්පත් කරගැනීමෙන් පසුව බග්දාදි විසින් ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළ අතර, එහි සිවිල් ජනතාව ඔවුන්ගේ නීතිරීතිවලට යටත් කරනු ලැබීය.

මේ අතර, බග්දාදිගේ මරණයෙන් පසුව එම සංවිධානයේ නායකයා බවට පත්වනු ඇති බවට විශ්වාස කෙරුණු එම සංවිධානයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අබු අල්-හසන් අල්-මුහාජිර් පසුගිය 27දා එක්සත් ජනපද – කුර්දි ඒකාබද්ධ මෙහෙයුමකදී ඝාතනයට ලක්වුණු බවද එම සංවිධානය පිළිගෙන තිබේ.

ඒ අනුව, ත්‍රස්ත සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙස කටයුතු කරන අබු හම්සා අල්-කුරෙයිෂි විසින් හඬ පටයක් නිකුත් කරමින්, අබු ඊබ්‍රාහිම් අල්-හෂේමිට අවනතව කටයුතු කරන ලෙසද මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිට ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.

Related posts

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday