Colombo Today Local News

ISIS නායකයා ඝාතනය කිරීම ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නෑ… මම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගයි !

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා  හෝ ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව වචනයක් ප්‍රකාශ කර නැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඊයේ (29) වනදා වත්තල නගරයේ පැවති ජනාධිපතිවරණ රැළියක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

 “අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම ඇමෙරිකානු  ජනාධිපති ට්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පුද්ගලිකවම කතා කොට සහාය ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේ රාජපක්‍ෂ කඳවුර කළේ අප ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.

ඇමෙරිකාව  සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමකින් අයි.එස්.අයි.එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කර තියෙනවා. මේ ක්‍රියාව ගෝලීය ත්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මම මේ මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රශංසාව පළ කළා.

ජාතික ආරක්‍ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්‍ෂලා මේ ගැන වචනයවක්වත් කතා කර නැහැ. අදහස් දැක්වීමක් සිදු කර නැහැ. ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් ඝාතනය කිරීම පිළිබඳ ගොලූවත රකින්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.

අල් බග්ඩාඩිගේ ඝාතනය සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුළුමනින්ම නැති වන බව මම ප්‍රකාශ කරන්නේ නෑ. නමුත් ජාත්‍යන්තරය සමග එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත්, ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා වීමටත් අපට අවස්ථාව උදාවෙනවා.” යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත්  පැවසීය.

Related posts

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

ජනපතිට යැවූ පොහොට්ටු ඇමති ලැයිස්තුවේ ජොන්ස්ටන්, නාමල්, සනත් නිශාන්තත්… – ඇමති ලැයිස්තුව මෙන්න

colombotoday

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday