තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී අසල ඇඳක ජාතික තවුහිඩ් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරා අසල ඇඳක සිටි බවත් ඒ අවස්ථාවේදී ලබාගත් චායරුපයක් සමාජගත වී ඇති බවත් ඊයේ (23) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මුස්ලිම් කොංග්‍රස් නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කර සිටිනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රෝහල් තුල කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් එකම වාටුවක රඳවන්නේ නැත. එමෙන්ම ගැබිණි කාන්තාවන් සාමාන්‍ය වාට්ටුවල රන්දවන්නේද නැත. අමාත්‍යවරයා සඳහන් කල නිදහසට කරුණු කෙතරම් සත්‍යයද යන්න ඕනෑම පුද්ගලයෙකුට සිතාගත හැකිය.