Colombo Today Local Newsජනාධිපතිවරණය

සජිත්ට 65%ක ඡන්දයක් ගැනීම අමාරු වැඩක්… පාක්ෂිකයන්ට යුතුකම් ඉටු කිරීමට අපට බැරිවුණා – රවී

ලක්ෂ 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි. කොටුව, ගුණසිංහපුර පැවැති ස්වයං රැකියා පදික වෙළෙඳ සංගම​යේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“එක්සත් ජාතික පාක්ෂිකයන් තුළින් පක්ෂයට වන සේවය ගැන අපි කිවයුතු නැහැ. එක්සත් ජාතික පක්ෂයේ රැකවරණය තමයි අපේ ඡන්දදායකයන්. අපේ රක්ෂණය ඔබයි. අපි ඔබට ණයගැතියි. 2015 ඔබ අපිට ලබාදුන් වරම තුළින් ඔබට යුතුකම් ඉටුකරන්න අපට නොහැකි වුණා. ඒ නිසා නොවැම්බර් 16 දා නැවතත් ඔබ අපට ලබාදෙන වරම තුළින්, අපේම ජනාධිපතිවරයෙක්, අපේම අගමැතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් ඔබ වෙනුවෙන් ඉටුකළ යුතු සියලු යුතුකම් අපි ඉටු කරනවා කියලා මම මේ අවස්ථාවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ලක්ෂ 160 ක ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේකෙන් අපි 65% කට අධික ප්‍රමාණයක් ලබාගත යුතුයි. ඒ නිසා මේක ලේසි වැඩක් කියලා හිතන්නෙපා. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි.

Related posts

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday

“ආණ්ඩුව අමාරුවේ වැටුණේ මේ මිනිහා නිසයි” – රාජිත අගමැති ඉදිරියේ අධිකරණ ඇමතිට බැණවදී

colombotoday

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday

කුඩු ගහන ඇමතිලා ගැන හොයන සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි…

colombotoday

අපේ රටේ දැනුම් පද්ධති සොරකම්කරන් ගියා.. හෙළ වෙද රහස් සහිත පුස්කොළ පොත් 2227ක් එංගලන්තයේ

colombotoday

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin