Colombo Today Local News

මුස්ලිම් ඡන්ද කැඩෙන මධුමාධවගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් ගල් මුල් !

පිවිතුරු හෙළ උරුමයේ උප නායක මධුමාධව අරවින්ද මහතා මුස්ලිම් ජාතිකයන් පිළිබදව ජනහමුවකදී කළ ප්‍රකාශයක් දැඩි කතා බහට ලක්ව තිබේ.

“අන්තිම සිංහලයා හුස්ම ගන්නා තුරු මේ රටේ ශරියා නීතියට ඉඩ නොදෙන බවත්, අන්තවාදී කලු ලෝගු ගලවා දමන බවත්“ මධුමාධව අරවින්ද මහතා එහිදි ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර, එම පක්ෂයේ සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේද දෝෂදර්ශනයට ලක්ව ඇත.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට තම පක්ෂය තුළ ඉඩක් නැති බවයි. මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද ඔහු සදහන් කරයි.

මේ අතර මධුමාධව අරවින්ද මහතා ඊයේ සවස්වරුයේ පිවිතුරු හෙළ උරුමයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවද වාර්තා වේ.

https://www.facebook.com/NewsfirstSL/videos/531284190749627/

Related posts

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin

අගමැති ඉල්ලා අස්විය යුතු නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතුයි

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday