දෙමල ජාතික සන්ධානයේ සහයෙන් ක්රියාත්මක යහපාලන ආණ්ඩුව තිබෙද්දිත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි උතුරට පැමිණ ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය දෙමල නිජ භූමිය තුල ආදාහනය කල බවත් ඒ නිසා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂය්කයා ජයග්රහණය කලද ඥානසාර හිමි වැනි භික්ෂූන් වහන්සේලා උතුරට පැමිණීම වැලැක්විය නොහැකි බවත් ඒ නිසා දෙමල ජනතාව නියෝජනය කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවත් දෙමල ජාතික සංවිධානයේ හිටපු පළාත් සභා මංත්රී එම් කේ සිවජලිංගම් දෙමල වෙබ් අඩවියකට පවසා තිබෙනවා.
ඔහු අද (6) උදැසන රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරන ලදි.