Colombo Today Local News

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිසැක ජයග්‍රහණට බිය වී ඇති ආණ්ඩුවේ පාර්ශ්ව ඔහුගේ ගමන වැළැක්වීමට විවිධ උත්සාහ දරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පෙරේදා (30) පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී පැවති රැස්වීමකින් අනතුරුව මන්ත්‍රිවරු මේ බව පැවසීය.

එහිදි අදහස් දැක්වු පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ කිසිදු නීතිමය තත්ත්වයක් නොමැති බව සිය නිතිඥවරුන් විසින් තහවුරු කළ බවයි.

එහිදි මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ කිසිදු විකල්ප අපේක්ෂකයෙක් තොර නොමැති බවත් ඒ සඳහා කිසිදු උවමනාවක් නොමැති බවත්ය.

එහිද අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ ආකාරයට නඩු පවරන්නේ ආණ්ඩුව බියට පත් වී සිටින බැවින් බවයි.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ ඔහු එක්සත් ජාතික පක්ෂය විනාශ කල බවත් වර්තමානයේ ඔහුගේ පුත් වන සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විනාශ කරන බවද පැවසීය.

විරුද්ධවාදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය නැති කිරීමට කිනම් හෝ උපායක් යොදන බවත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෙන එනු ලබන තර්ක දැන් විහිළුවක් බවට පත් වී ඇති බවද එහිදි අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

එහිද අදහස් දැක්වු ප්‍රජාත්තන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහොදරත්වයෙන් ඇරයුම් කරන බවයි.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහො දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එකතුව කටයුතු කිරීමට කැමැත්ත පල කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

චන්ද සලකුණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙදීන් නැගු පැනයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ බොට්ටු මාරු කිරීමට අවශ්‍ය වන විට සියළු දෙනා ගඟ මැද්දට ගොස් අවසන් බවයි.

ලකුණු මාරු කිරීම මෙ වන විට අසිරු ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Related posts

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday