Colombo Today Local News

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

සරත් ෆොන්සේකා මිලියන 500ක් ඉල්ලයිඅධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තමන් පිළිබද සාවද්‍ය ප්‍රකාශ කරමින් කළ අපහාසය වෙනුවෙන් මිලියන් පන්දාහක වන්දි ඉල්ලා නඩු පවරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිණුවන්ගොඩ ප්‍රෙද්ශයේ පැවති රැස්වීමක් අමතමින් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් තමන්ට එම අපහාසය කළ බවයි.

මේ අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාද පසුගිය දා තමන් ඇවන්ගාඩ් සමාගමෙන් අල්ලස් ගත්බව සදහන් කරමින් කළ අපහාසයට රුපියල් මිලියන පන්සීයක් ඉල්ලා නඩු පවරන බව ප්‍රකාශ කර තිබිණි. මාධ්‍ය හමුවක් කැදවමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ ඇවන්ගාඩ් සිද්ධිය මුල් කරගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා අත්අඩංගුවට ගැනිමට ෆොන්සේකා මහතා තමන්ට බල කර සිටි බවත් එසේ නොකළ නිසා ෆොන්සේකා මහතා තමන් සමග විසරක වි සිටින බවත්ය.

නමුත් ඇවන්ගාඩ් සිදුවිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනිමට තරම් නීතිමය හේතූන් නොමැති බවත් නීතිය හොදින් දන්නා තමන්ට අන් අයගේ නීති උපදෙස් අනවශ්‍ය බවත් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.

ෆීල්ඩ් මාෂල් තනතුරට අලුත් අර්ථකතනයක් දෙමින් විජේදාස රාජපක්ෂ මහතා එහිදී පැවසූවේ ෆීල්ඩ් යනු වෙල බවත්, මාෂල් යනු විධාන දෙන්නා බවත් එබැවින් “වෙල් විදානේලා” කියනා දේවල් තමන් ගණන් නොගන්නා බවත්ය.

Related posts

අපේ විතරක් නෙවෙයි… ඉන්දියාවේ හා පාකිස්ථානයේත් රුපියල බාල්දු වෙලා…

colombotoday

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අය වැය පොහොට්ටුව පරදී. – සභාපති පැන යයි. උප සභාපති බලය අල්ලයි.

colombotoday

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

colombotoday