Colombo Today Local News

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක‍්‍රියා කර ඇත.

මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිතය.

පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සමග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී..

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙඩි තබයි

Admin

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday

මෙදා පාරනම් ගැලවීමක් නැතිවෙයි..! තුන් පැත්තකින් වටකරයි… මරණ තුනක් ඇති අගමැති පැණි කන හැටි !

colombotoday

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday