Colombo Today Local News

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

ඊයේ මුලතිව් නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ අදාහන පුජෝත්සවයට සහබාගි වී යලි කොළඹ බලා වැඩම කරන අතර තුරු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අලි ප්‍රශ්නයකට මැදිහත්වී තිබෙනවා.

අලි වැටක් නොමැතිකමින් ගම් වදින වල් අලින් විසින් සිදුකරන පහර දීම් හේතුවෙන් සිදු වන මරණ පිළිබඳව බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරමින් ප්‍රධාන මාර්ගය අවහිර කර ප්‍රදේශවාසීන් ඊයේ (23) උදෑසන විරෝධතාවයක් ආරම්බ කර තිබුණි. සවස්වන තුරු කිසිදු බලධාරියෙක් මේ සඳහා මැදිහත්ව නොමැති අතර එම ස්ථානයට වැඩම කරන ලද පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ප්‍රදේශවාසීන් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේදී වනජීවී අධ්‍යක්ෂකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගෙන ඇති ඥානසාර හිමි නොවැම්බර් මාසය අවසන් වීමට පෙර අලි වට ඉදිකර දෙන බවට ලබා ගත් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කර ඇත.

Related posts

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

colombotoday

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

මුස්ලිම් පල්ලියක සිකුරාදා යාච්ඥාව පවත්වලා | 14ක් පල්ලියේම නිරෝධායනයට

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday