ජනතාව ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කල යුතුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික වීරකුමාර දිසානායක පවසනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප කිරීම් සිදු කර ඇති බවත් පොදු ජන පෙරමුණ නමින් පක්ෂයක් හදාගෙන ජනාධිපති අපේක්ෂකයා ඔවුන්ට අවශ්‍ය ලෙස නම් කරවා ගැනීමට නිදහස ලබා දුන් බවත් ප්‍රකාශ කර සිටි මන්ත්‍රීවරයා එම කැප කිරීම ඉදිරියටත් සිදුකරන බව සඳහන් කරන ලදි.