Colombo Today Local News

ඇවන්ගාඞ් සභාපති ඇතුළු 13 කට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරයි. ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ගොනු කළ නඩුව

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්. වී. ඇවන්ගාඞ් නමැති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත‍්‍රයක් හෝ අවසර පත‍්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ස්වයංක‍්‍රීය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්‍ෂ දෙදහස් නවසිය තිස්පහක් තබාගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (10 දා* කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

රක්නා ලංකා සමාගමේ සභාපතිවරුන් ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් වඩුගේ පාලිත පියසිරි ප‍්‍රනාන්දු, වික්ටර් සමරවීර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, එම නෞකාවේ කපිතාන් යුක්රේන් ජාතික ගෙනඩි ග‍්‍රැබ්රිලොව් යන පිරිස එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කොට තිබිණි.

එම විත්තිකරුවන්ට අමතරව දොන් ඇල්බට් තිලකරත්න, විශ්වජිත් නන්දන දියබලනගේ, නිලූපුල් ද කොස්තා, පොන්නතුෙරෙයි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන් යන විත්තිකරුවන්ට මෙන්ම රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගම එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කොට තිබිණි.

මෙම නඩුව ශ‍්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප‍්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව ලෙස සැලකේ.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් කැලඹීමකට ලක් වූ එම සිද්ධියේ පවතින දැඩි සංකීර්ණතාව ඇතුළු සුවිශේෂී කරුණු කිහිපයක් නිසා ජූරි සභාවක් නොමැති විශේෂ පුහුණු හා නීතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති විනිසුරු මඬුල්ලක් හමුවේදී විභාගයක් පැවැත්වීම සුදුසු බවට නිගමනය කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම නඩු විභාගය සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර තිබිණි.

Related posts

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

“දැන් රජයේ අයගේ ජඩ වැඩ වලට එදා දඩුවම් නොදුන් පව් තමයි මේ ගෙවන්නේ“ – හිටපු ජනපති කියයි

colombotoday