අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අද සිට ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙන බව වැඩි දුරටත් එම නියෝගයෙන් ප්රකාශ කෙරෙනවා.