Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

තමන් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ඉතාම කර්කෂ විවේචනයක් ද ඉදිරිපත් කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. 

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නා වූ වටිනා පක්ෂය නමැති බස් රථයේ ඩ්‍රයිවර් උන්නැහේ බස් එක එළවනවා කන්කසන්තුරේට. ඒත් බස් එකේ කොන්දොස්තර මහත්තයා ටිකට් කඩනවා දෙවුන්දරට. ඒනිසා බස් එක නවත්තන හැම හෝල්ට් එකෙදිම හතර පස් දෙනෙක් බස් එකෙන් බැහැලා යනවා. 

ශ්‍රීලනිපය තමාගේ දිසාව, අරමුණ, ප්‍රතිපත්ති අවුල් කරගෙන තිබෙන නිසා ස්වභාවික මරණයකට ගොදුරු වෙමින් පවතිනවා. අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා තියෙනවා. 

දැන් ඔළුව නැතිව කඳ ෆයිට් කරන ශ්‍රීලංකා එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ කියන එක මම තමුන්නාන්සෙලට කියන්න කැමතියි. දැන් අපේ පදනම දෙදරා ගිහිල්ලා ඉවරයි. 

පැහැදිලිවම මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මහනුවරදී එස්.බී. දිසානායක මහතා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

රෙජිනෝල්ඩ් කුරේ මහතා පැරණීතම ශ්‍රීලනිප සාමාජිකයකු වන අතර ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ එකතු කිරීමට එරෙහිව “ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය” ලෙස එකතු වුණු ශ්‍රීලනිප ආසන සංවිධායකයින් මුලින්ම රැස්වී තිබුණේ ද ඒ මහතාගේ නිවසේය. එසේ කටයුතු ඔහුත් යළි පොහොට්ටුවටම එකතුවීම අපූර්ව සිදුවීමකි. 

Related posts

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

colombotoday

අධිවේගී මාර්ග වල ගමන් කරන සියළුම ගිලන් රථ අද දින සිට අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්

colombotoday

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක්. නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday