Colombo Today Local News

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.

ඒ අනුව ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අලිසහීර් මවුලානා මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ  රාජ්‍ය ඇමැති ලෙස පත් කරන්නැයි නිර්දේශ කරමින් අගමැති කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පස්වරුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම් හාරිස් මහතා නියෝජ්‍ය ඇමැතිධූරය යළි බාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සති තුනක කාලයක් ඉල්ලා ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම පරීක්ෂණ වලට සහය පළකරන බව පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනෙක් සිය ධූර වලින් ඉල්ලා අස්වූහ.

ඉන් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතාගේ කණ්ඩායමක් රාවුෆ් හකීම්ගේ සහ කබීර් හෂීම් යන මහත්වරුන් පසුව සිය අමාත්‍යධූරවල දිවුරුම් දුන්හ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මහතා හැර අනෙක් කිසිවෙකුත් එදින අමාත්‍යධූරවල දිවුරුම් නොදුන් අතර අද පැවැති සාකච්ඡාවේදී ඉන් දෙදෙනෙකු ඇමැතිධූර බාරගැනීමට තීරණය කර ඇත.

Related posts

මැරුණු සහරාන්ගේ වරෙන්තුව අයින් කළා. මේ ඉන්නේ සැබෑ කුමන්ත්‍රණ කාරයෝ – රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට චෝදනා

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

තමන්ගේ ආසනය දිනාගන්න බැරි සජිත්ට කොහොමත් පක්ෂය බාරදෙන්න බෑ – සිරිකොත

colombotoday

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday