සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ තත්වය අසාධ්‍ය බවට වාර්තා වනවා.
හදවත් සැත්කමකින් පසුව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ හදවත් සැත්කම සාර්ථක ලෙස සිදුකළද පසුව ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් ඇති වූ රෝගී තත්වයට වැඩි දුර ප්‍රතිකාර කිරිම සදහායි සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ.