32 C
Colombo
6 April 2025
Colombo Today Local News

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනත් සමග තම ජීවිතයටද තර්ජනයක් එල්ල වී ඇති බවත් එම නිසා තමාට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කඳන්ගමුව මහතා ඊයේ (14දා) කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ෂාෆි වෛiවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී රෝහලේ නි. අධ්‍යක්‍ෂවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාගේ පවුලේ තොරතුරු දැනගෙන ඒ සම්බන්ධයෙන් හෙළිකර ඇතැයි පවසමින් තිසේරා මහතාද පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමග තමාගේ නිවස අසල සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනකු ගැවසී ඇති බවත්, සැකකටයුතු යතුරුපැදි තමා පිටුපස පැමිණෙන බවත් පවසමින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පොලිසියට පැමිණිලි කළ බව නීතිඥ චානක අබේවික‍්‍රම මහතා ඊයේ (14දා) පැවැසීය.

මෙවැනි සිදුවීම් නිසා තම ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවත් එම නිසා බාධාවකින් තොරව තම රාජකාරි කරගෙන යාමට හැකි ආකාරයෙන් පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බවද කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීය.

වෛද්‍යවරයා සමඟ නීතිඥවරුන් වන ඉන්ද්‍රසිරි සේනාරත්න, සමන් දිසානායක, නිලූක්‍ෂි උයන්වත්ත යන මහත්ම මහත්මීන්ද පැමිණිලි කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත ගොස් ඇත.

Related posts

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

2016 අලුත් වූ අංක 12ක් ඇති ඔබේ අලුත් හැදුනුම්පත් අංකය බලාගන්නේ මෙහෙමයි

colombotoday

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin