Colombo Today Local News

කැෆේ කීර්ති ගම්පොල පොලීසිය විවෘත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන්වාගෙන. උත්සව සභාව නොසන්සුන් වේ.

ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කැෆේ සංවිධානයේ හිටපු ප්‍රධානි කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත් විය.

මෙම උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුනත්, එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලට මේ සඳහා ආරාධනා කර තිබුණි. කැෆේ කිර්ති ලක්ෂ්මන් කිරිඇල්ලගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකි.

උත්සවයට එක්ව සිටි හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම නිසා හිටපු අගමැතිවරයා උත්සව සභාව මැදට පැමිණ සභාව ඇමතුවේය.

එහිදී තමාට උත්සවයේ කතාවක් හිමි නොවූ බව පවසමින් දි.මු. ජයරත්න මහතා සභාව මැදට පැමිණ උත්සවය ඇමතිමන් පැවසුවේ
තමන් අවුරුදු 72ක් දේශපාලනයේ සිටි බවත් මේ සියලු දෙනාම මහපොළොවේ අඩිය ගසා සිටිනේ තමන් නිසා බවත්ය.

කෙසේ වෙතත් අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මෙම උත්සවය සඳහා ගෙන්වා ගැනීමට මධ්‍යම ආණ්ඩුකාර ලෙස නව පත්වීම් ලැබූ කිර්ති තෙන්නකෝන්ට දැඩි උනන්දුවක් තිබූ බව පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

Related posts

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin