Colombo Today Local News

රු.කොටියක කොකේන් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඇය 37 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .

ඇය අද  දින දහවල් 1.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1203 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ රැගෙන පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑග් කීපයක අසුරා , ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක , පතුල් වල අලවා ගෙන තිබියදී , රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .

එහි කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම්  250 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී ජී.එස්.චන්ද්‍රසිරි , සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඒ.එස්. ගුණවර්ධන , ජේ.එච්.එච්.පී.ගුණසිරි සහ ඩී.එම්.ඩී.සී.බී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඩබ්ලිව්.එම්.ඩී.ආර්.ජගත් සහ උපාලි රත්නායක යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .

Related posts

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

colombotoday

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

colombotoday

ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday