Colombo Today Local News

පල්ලිවලින් අත්අඩංගුවට ගත් කඩු,පිහි,පොරෝ නීතියට පිටින් පල්ලිවලටම ආපසු දීලා

පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය  බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ  උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.
 
හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.
 
ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.
 
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.
 
වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Related posts

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

colombotoday

පවතින ආපදා තත්වය පිළිබදව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

colombotoday

කාසියේ වාසිය ඇෆනිස්තානයට

Admin

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

colombotoday

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

Admin