Colombo Today Local News

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනාධිපති අපෙක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි බලකරමින් උතුරු පළාතේ පිරිසක් මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ඉදිරිපිටදී දෙවියන්ට කන්නලව් කරමින් පොල් දහසක් බිඳීම සිදු කෙරිණි.

වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයන් නියෝජනය වන පරිදි නැවත පදිංචි වැසියන් පිරිසක් විසින් මෙම වැඩසටහන ඊයේ (05) රාත්‍රිය වන තුරු සංවිධානය කොට තිබුණි.

දේව කන්නලව්ව සිදු කරනු ලැබූ වැසියන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් සුදුසුකමක් නොමැති බවටත් එමෙන්ම උතුරු පළාතේ ජනතාවතුළ ප්‍රසාදයක් සහ විශ්වසයක් ඇති එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් වහාම සජිත් ප්‍රේමදාස මහතාට රටේ නායකත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

Related posts

ඉස්ලාම් භක්තියන් සතුව තිබී හමුවූ කඩු සදහා දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී හෙළිකරයි…

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday