Colombo Today Local News

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් කරගෙන, ජයග්‍රහණය කරවා ඔහුගෙන් අග්‍රාමාත්‍ය තනතුර ලබාගැනීම සඳහා සිහින මවන අමාත්‍යවරුන් පෝලිමක්ම මේ වනවිට සජිත් පාර්ශ්වයේ සිටින බව වාර්තා වේ. 

මේ අතර ඉදිරියෙන්ම සිටින්නේ මංගල සමරවීර අමාත්‍යවරයාය. සිය 30 වසරක දේශපාලන දිවියම අංශක 180කින් හරවමින් සජිත් ප්‍රේමදාස සමඟ එක් පෙළට සිටගෙන සිටින ඒ මහතා ඒ වෙනුවෙන් අනාගත අග්‍රාමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටී. 

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා ද පසුගිය දිනක “සජිත් නැත්නම් අපිත් නෑ” යනුවෙන් ප්‍රකාශ කළේ ද අගමැති සිහිනය සිත දරාගෙන බවයි වාර්තා වන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඔහු ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ අනුවය. 

එජාපයේ ඉහළ තනතුරු දරණ පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙන්ම අග්‍රාමාත්‍ය තනතුරක් ගැන සිතන්නටවත් නොහැකි පුද්ගලයින් පවා මෙම ලැයිස්තුවෙහි සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දුවී සිටින්නේ ප්‍රේමදාස පාලන සමයකටය. රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව සිය සමකාලීනයන් අතරින් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ නැත. පක්ෂයේ දක්ෂතා පෙන්වූ ඉදිරිපෙළ කිසිවකුත් ඔහු එම තනතුරට පත් කළේ ද නැත. ඔහු ඒ වෙනුවට කළේ තමන්ට කිසිදු අභියෝගයක් නොවන වයස්ගත, තැන්පත් පුද්ගලයකු අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමය. ඩී.බී. විජේතුංග මහතාට අග්‍රාමාත්‍ය තනතුර ලැබුණේ ඒ අනුවය. 

ඒ අනුව, සිය වන්දනීය, පූජනීය, ආදරණීය පියාණන්ගේ මඟ යමින් සජිත් ප්‍රේමදාස මහතා ද තමන්ගේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාව තෝරාගෙන සිටින බව සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කළේය. 

Related posts

සාමාන්‍ය පෙළ/උසස් පෙළ දී දහම් පාසල් සහතිකයට ලකුණු ලබාදීමේ වැඩපිළිවෙලක්

colombotoday

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

ජනපති අඩියක් ආපස්සට ගනී… තීරණාත්මක තීන්දුවක් අද මැදියම් රැයේ ?

colombotoday

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday