Colombo Today Local News

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වය නිසා ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළිත් අදාළ අමාත්‍ය ධුර ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (23දා) ලිපියක් මගින් යොමු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පශු සම්පත් විෂය පවරන ලෙස ද එමගින් ඉල්ලා ඇතැයි ද හෙතෙම කීවේය.

ඒ අනුව ඉල්ලා අස්වූ සියලූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් මීට පෙර දරන ලද අමාත්‍ය ධුරවල ඉතා ඉක්මනින් යළි දිවුරුම් දෙනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්

colombotoday

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday