Colombo Today Local News

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

ත්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීම හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතන ලෙස නියෝග කරමින් නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා අතුරු තහනම් නියෝගයක් ඊයේ (22) නිකුත් කළේය.

ත්‍රිකුණාමලය මානික්කවාසල පාරේ පදිංචි කෝකිල රමණි නමැති පෙත්සම්කාරිය විසින් නැගෙනහිර පළාත් බද මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම අතුරු තහනම් නියෝගය ලබන අගෝස්තු 29 දා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.

මීට අමතරව පෙත්සම්කාරියට අයත් ඉඩම්වල ප්‍රතිසංස්කරණ නොකරන ලෙස ද නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ දැක්වේ.
තමන්ට අයත් දේපළක් වන කන්නියා උණුදිය ළිං පරිශ්‍රයේ පිහිටි ඉඩමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානයක් ඉදිකිරීමට සූදානම් වන බව පෙත්සම්කාරිය ගොනු කළ පෙත්සමෙන් කියැවිණි.

උණුදිය ළිං පරිශ්‍රයේ කෝවිලක් තිබූ ස්ථානයේ පන්සලක් ඉදිකරන බවත් තමන් සමග සිටින හින්දු භක්තිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් ඇතුළුවීමට බාධා කරන බවත් එය තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලනු ලැබිණි.

උණුදිය ළිං ආශ්‍රිතව පිහිටා ඇති කෝවිලට අයත් දේපළ පාලනය කිරීම ඉවත් කරන ලෙස ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද එහි වගඋත්තරකරුවන් ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ත්‍රිකුණාමලය දිසාපතිවරයා නම් කරනු ලැබිණි.

අතුරු තහනම් නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඊළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර කෝකිල රමණි මහත්මිය වෙනුවෙන් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, නීතිඥවරුන් වන ප්‍රශාන්තිනි උදය කුමාර්, කේසවන් සයනිදන් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

Related posts

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීමට වගඋත්තරකරුවකු වූ රනිල් එයින් ඉවත් කිරීමට මෛත්‍රී එරෙහි වෙයි

colombotoday

අසික්කිත හිරු නාලිකාව වර්ජනය කරන්න. – බුද්ධාගමට නිග්‍රහකල මංගල ඉල්ලයි

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

මහ සෙනගක් කොටුවට රොද බදී.. ඥාණසාර හිමි වෙනුවෙන් මහ සත්‍යග්‍රහයක් (Live video)

colombotoday