Colombo Today Local News

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත් මිසක වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බවද එහිදී මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක පමණ වියදමක් දැරීමට සිදුවන බවද ඔහු කීය.

Related posts

ෂරියා බැංකු පවත්වාගන යන මෙරට බැංකුවලට විරෝධයක් – දහස්ගණනින් ගිණුම් ඉවත්කරගැනීමට සැරසේ

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

ඩලස් මාතර ශ්‍රීලනිප තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. අලුත් පක්ෂයේ ලොකු තනතුරක් !

colombotoday