ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්රභාකරන් බවත් ඔහු ද්‍රවිඩයන්ගේ සංස්කෘතික සහ පාරම්පරික අගයන් ආරක්ෂා කළ බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්කන්ධරාජන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.
ප්රභාකරන්ට අවමාන කරන සැමටම ද්‍රවිඩ ජනතාවගේ ශාපය එල්ල වන බව පවසා ඇති ඇය එදා ප්රභාකරන් රැකගත් සියලුම සංස්කෘතික අගයන් රජය විනාශ කර ඇති බවට තවදුරටත් සඳහන් කර තිබේ.
ප්රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බව ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරිය තවදුරටත් ප්‍රකාශ කර ඇත.