Colombo Today Local News

ජාත්‍යන්තර මුස්ලිම් සමුළුවක් 30 දා කොළඹදී.. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ටත් ආරාධනා

ජාත්‍යන්තර මුස්ලිම් සමුළුවක් මේ මස 30 වැනිදා කොළඹදී පැවැත්වෙන බවත් එම සමුළුවේ විශේෂ ආරාධිතයන් ලෙස මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද සහභාගි වන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඊයේ (14 වැනිදා) දන්වා සිටියේය. 

ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයේ මහ ලේකම්වරයා එම සමුළුවට අරාබියේ සිට ජුලි 29 දා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවත් ආණ්ඩුකාරවරයා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දන්වා සිටියේය.

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයන්ද මෙම ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීමට නියමිත බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමිකයන් අතර සහජීවනය සහ සංහිඳියාව ඇති කිරීම මෙම ජාත්‍යන්තර සමුළුවේ අරමුණක් බවද හෙතෙම තවදුරටත් පැවසීය.

ආණ්ඩුකාර මුසම්මිල් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් තමා මුස්ලිම් ජාතිකයකු වුවද සියලූ ජාතීන්ගේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවත් පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධීන් තමා කිසිසේත් අනුමත නොකරන බවත් පැවසීය.

ලබන 30 වැනිදා ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනයට මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනය කළ බවද හෙතෙම පැවසීය.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් ශ‍්‍රී ලංකාවේ බිඳුණු සිත් එකමුතු කිරීමට මේ සමුළුව හේතුවේ යැයි විශ්වාස කරයි.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අදහස් දක්වමින් රටවල් රැසක නියෝජිතයන් සහභාගිවන ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පැවැත්වීමේදී තම අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඒ සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් ලබාගන්නා බවත් පැවසීය.

ආණ්ඩුකාර මුසම්මිල් මහතා සහ අමාත්‍ය හලීම් මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ 14 දා පෙරවරුවේ බැහැදුටුවේය.

Related posts

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

‘මහින්දට මට වඩා ආරක්ෂාවක් මොකටද.. මටනම් තේරෙන්නෑ‘ – චන්ද්‍රිකා

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

colombotoday

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

බැදුම්කර පත්තරේට ගෙනා අති නවීන මුද්‍රණ යන්ත්‍ර වරායේ ගොඩබායි !

colombotoday