Colombo Today Local News

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

එමෙන්ම මුස්ලිම් විවාහයකදී මනාලියගේ භාරකරුවා වෙනුවට විවාහ වන කාන්තාව අත්සන් කිරීම අනිවාර්ය කිරීමත්,  කාති අධිකරණයෙදී මුස්ලිම් දික්කසාඳ නඩු විභාග කිරිමට පිරිමි මහේස්ත්‍රාත්වරුන්ට අමතරව කාන්තා මහේස්ත්‍රාත්වරුන් එක් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

මෙහිදී කරුණු 11ක් පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබේ.

Related posts

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

කෝප් කමිටුවේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට පස්පඩංගුවේ බැණවැදී තර්ජනය කළ හැටි මෙන්න

colombotoday

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

colombotoday

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

colombotoday