Colombo Today Local News

කල්මුණේ උපවාසයට දින දෙකයි – බලධාරීන්ගෙන් තවමත් පිළිතුරක් නෑ

කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිතව ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් බවට පත්කර එයට මහජන සුභ සිද්ධිය උදෙසා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම ඇතුලු අනෙකුත් පරිපාලන කටයුතු සඳහා බලතල ලබා දෙන ලෙස බල කරමින් පසුගියදා  ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට ද ක්‍රියාත්මක වේ.

කල්මුණ ශ‍්‍රී සුබද්‍රාරාමයේ විහාරාධිකාරී හිමියන් පසුගිය 16 වැනිදා මෙම උපවාසය ඇරැඹූ අතර අද (18) සවස 4-.00 පමණ වන විට දැඩිලෙස වෙහෙසට පත්ව සිටිනු දැක්නට ලැබිණි.

කල්මුණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තනාගෙන ඇති අට්ටාලයක මෙය පැවැත්වෙන අතර එයට සහය දැක්වීට බොහෝ පිරිස් එම ස්ථානය පැමිණ සිටියහ.

මෙම මාරන්තික උපවාසයට අවතීර්ණව සිටින රන්මුතුගල සංඝරතන හිමියන් පැවසුවේ කල්මුණ දමිළ ජනයා වෙසෙන උතුරු ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය බලතල සහිතව උසස් තත්වයකට පත්කළ  යුතු බවය.

දැනට වසර 35ක් මේ ගැන අදාල අංශ වෙතින් ඉල්ලීම් කලත් එය ඉටු නොවුණ බැවින් මෙම තීරණය ගත් බවද උන්වහන්සේ පැවසූහ.

සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමයේ සභාපති එස්.ලෝගනාදන් මහතා පැවසුවේ
මෙම කාර්යාලය 1989 වසරේ ආරම්භ කරනලද බවය.  1993-07-28 අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙය මහ ලේකම් කාර්යාලයක් ලෙස බලතල නොමැතිව පවත්වාගෙන යාමෙන් ජනතාවගේ සංවර්ධන කටයුතු වලට මූල්‍ය ප‍්‍රතිපාදන පවා නොලැබෙන බවත් මෙම කොට්ඨාශයට ග‍්‍රාම නිලධාරී වසම් 32ක් එවකට තිබුණ බවද ඔහු පැවසීය.

එයින් දෙකක් දේශපාලඥයින් විසින් මුස්ලිම් වරුන් වෙසෙන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට පවරා ගෙන ඇති අතර දිගින් දිගටම කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසා එයට විසඳුම් අපේක්ෂාවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධව රජය දැනුම්වත් කිරීම සඳහා අද 18 සවස මාධ්‍ය හමුවක් ලේකම් ගොඩනැගිල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව එස්.ලෝගනාදන් මහතා කීය.

Related posts

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

ජනවාරි 1 සිට බස් රථවල කන්අඩි පළන ශබ්දයෙන් ගීත වාදනය කරන්නේ නම් 1955ට කියන්න.

colombotoday

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

“ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ” – එජාප ඇමතිනී විජයකලා

colombotoday