Colombo Today Local Newsfeatured

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සැක කටයුතු සෞදි අරාබියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් තිදෙනෙකු හෝටලයකින් ඉවත්කරගන්නා CCTV දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමගම සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබේ.

Colombo Today තොරතුරු ජාලයට අනුව මෙම තිදෙනා 2019 අප්‍රේල් 18 ලංකාවට පැමිණ ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, අප්‍රේල් 23 වනදා මොවුන් තිදෙනාම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනෙන් පිටව ගොස් ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සඳහන් කර සිටියේ ඔවුන් ආයෝජකයන් පිරිසක් බවයි. කෙසේ වෙතත් සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක R457940 හිමි 1973 ඔක්තෝබර් 23 දින උපන් මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා 2015 සැප්තැම්බර් 01 වනදා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයෙන් 2017 මාර්තු 29 දින, 2017 නොවැම්බර් 01 දින සහ 2019 අප්‍රේල් 18 වන දින ලංකාවට පැමිණ ඇත. පසුගිය වර්ෂ කිහිපය තුල තෙවරක් ලංකාවට පැමිණ ඇති ඔහු විසින් මෙරට තුල සිදු කළ කිසිදු ආයෝජනයක් හෙළිකිරීමට හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා අසමත් වී ඇත.

මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා පිළිබඳව පොලීසිය විමර්ශන සිදුකරන්නේනම්, මොහු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකට සම්බන්ධ ඊබ්‍රහිම් සොහොයුරන්ට නෑකම් කියන පුද්ගලයෙක්ද යන්න වහා සොයා බැලිය යුතුව ඇත. එමෙන්ම මොහු සෞදි අරාබියානු පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලංකිකයෙකුද යන්න පිළිබඳවද විශාල සැකයක් ජනතාව තුල මතුව ඇත.

ඔහු සමග පැමිණි අනෙක් දෙදෙනා වන්නේ,

  • සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක v051381 හිමි 1965 ඔක්තෝබර් 26 දින උපන් අබ්දුල්ලා හමීඩ් (ALKHODIRI ABDULLAH HAMAD)
  • සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක W935674 හිමි 1968 සැප්තැම්බර් 24 දින උපන් ෆාහඩ් සාඩා (ALKHODIRI FAHAD SAADA)

අප්‍රේල් 18 වනදා රාත්‍රිය අංක 30, හයිඩ් පාර්ක් කෝර්නර්, කොළඹ ලිපිනයේ පිහිටි යුනීක් ටවර්ස් නමැති ස්ථානයේ එපාර්ට්මන්ට් එකක් කුලියට ලබාගෙන මෙම තිදෙනා එහි නැවතී සිට ඇත. ඒ සඳහා ඩොලර් 150 ක් මොහොමඩ් ඊබ්‍රහිම් නමැති පුද්ගලයාගේ නමින් ගෙවා ඇත.

මෙම තිදෙනා කොළඹ සිට පාසිකුඩා දක්වා 2019 අප්‍රේල් 19 දින ගමන් කර ඇති අතර ඒ සඳහා යොදාගත් වෑන් රථය පිළිබඳව මෙරට ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකල යුතුව ඇත. ඒ සඳහා යුනීක් ටවර්ස් එපාර්ට්මන්ට්හී CCTV දර්ශන විශ්ලේෂණය කිරීම ආරක්ෂක අංශ සතු කාර්යයකි. (අප වෙත වාර්තා වෙන කරුණු සියල්ල පල කිරීම අපගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මේ අවස්ථාවේදී පළ නොකර සිටිමු.)

Coconut Cultivation board Road, Pasikuda යන ලිපිනයේ ඇති The Calm Resort – Spa හෝටලයේ මෙම තිදෙනා අප්‍රේල් 19,20,21,22 යන දිනයන් සඳහා කාමර වෙන් කරගෙන ඇත. ඒ සඳහා රුපියල් 95,804.10ක ගෙවීම් සිදුකර ඇත්තේ අප්‍රේල් 22 රාත්‍රී 09.35 ට පමණ වේ.

මෙම ස්ථානයට අප්‍රේල් 22 රාත්‍රියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පැමිණ සෞදි ජාතිකයන් කැඳවාගෙන යන CCTV දර්ශන මීට ඉහතදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර . අප්‍රේල් 23 වනදා මෙම තිදෙනා කටුනායක ගුවන් තොටුපලින් පිටව ගොස් ඇත.

Related posts

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

ඥානසාර හාමුදුරුවෝ කිවුව දේ කලින් අපි ඇහුවානම් නැති වෙච්ච ජීවිත බේර ගන්න තිබ්බා – ඉරාජ් වීරරත්න

colombotoday

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

colombotoday

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

colombotoday