Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.

රාවනා 1 චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ විසින්.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය ඇත්තේ.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙරට වේලාවෙන් සවස 3.45 ට කක්ෂගත කිරීමට නියමිත බවයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට පැමිණිමෙන් එම අවස්ථාව සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවන බව ද ඔහු සඳහන් කළා.

නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපළෙන් අප්‍රේල් මස 18 වන දා රාවනා 1 අභ්‍යවකාශගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන් බව සඳහන්.

අප්‍රේල් 19 වැනිදා පස්වරු 6 30 ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිතයි.

Related posts

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday