Colombo Today Local News

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.       

ඔහු මෙම අදහස් පළ කර සිටියේ  මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝගත දක්ෂිණාවකට හා පින්කම් මාලාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙනවා. අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණයයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නෙවෙයි. ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි. නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න  ඕනේ.

ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න අපි ඉඩ තියන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ.

 වැඩිදුරටත් අදහස් දක්වමින් තේරීම් කාරක සභාව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් කියා සිටියේ, විපක්ෂයේ, ආණ්ඩුවේ සියලු දෙනාගේ කැමැත්තෙන් කාරක සභා කමිටුව පත් කර බවයි. එහි අරමුණ වූයේ ජනතාවට තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කිරීමට අනතුරු ඇඟවීම් කර තිබියදී, පූර්ව සිදුවීම් ගණනාවක් ඇතිවී තිබියදී කොහොමද අපරාධය සිදු වුණේ, කවුද වග උත්තර කරුවන් කියා සොයා ගැනීමයි. තේරීම් කාරක සභාව කළ යුත්තේ කවුද වැරදි කියා හොයන එක නොවෙයි. කොහොමද වැරදුනේ කියා හොයන එක. මෙම ත‍්‍රස්තවාදය මර්දනය කිරීම හා ඉදිරියේදී මෙවැනි ප‍්‍රහාර වලක්වා ගැනීමයි වගකීම. පුද්ගලයන් පසුපස හඹා නොයා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වියදම් කරන්න සල්ලි ඉතිරිකර ගියාට මාලිමාව රනිල්ට ස්තූතියි කරයි

Admin

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday