Colombo Today Local News

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

ශ්‍රී ලංකාවේ හෝටල තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඊයේ (12දා) කොළඹ පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“ඉන්දියාව අපිට වැදගත්. ඔවුන් ශ්‍රී ලංකාවට එනවනම් අපිට වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕන නෑ. ඔවුන් ආකර්ශණය කර ගැන්නේ කෙසේද කියා සිතා අපි වැඩකළ යුතුයි.

අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති  බව.

මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි.  මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා. මේ තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ශනය කර ගැනීමට එක් අවස්ථාවක්.”

Related posts

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

colombotoday

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි මෙන්න !

colombotoday

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපානයට..!

colombotoday