Colombo Today Local News

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන හොරොව්පොතාන ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසකට එරෙහිව පොලිසියට තොරතුරු ලබා දුන් බවට චෝදනා කරමින් කැබිතිගොල්ලෑව ඇල්ලවැව ප‍්‍රදේශයේ නිවසක රාමසාන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබු සාදයක් අවසානයේ මුස්ලිම් ජාතික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ඇතුළු පුද්ගලයින් කීප දෙනකු එක්ව පෙරේදා (10 දා) රාත‍්‍රි සිදු කළ පහරදීමකින් මුස්ලිම් ජාතික නාවික හමුදා භටයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇත.

සාදය නිමවී නිවසට යමින් සිටියදී දෙපාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ඇල්ලවැව මුස්ලිම් පල්ලිය අසලදී මෙම පහරදීම සිදු කොට ඇත.

තිස්තුන් හැවිරිදි නාවික හමුදා භටයකු ,විසි හය සහ තිස් එක් හැවිරිදි පුද්ගලයින් තිදෙනකු මෙහිදී තුවාල ලබා ඇත. තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. 

මෙම පහරදීම සිදු කළ බව කියන පාර්ශවයේ අයකු වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි.

කැබිතිගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

colombotoday

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල කේරළ ගංඡා අලෙවි කළ කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday