Colombo Today Local News

හදිසි නීතියට එරෙහිව NGO දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ජනපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීති රෙගුලාසිවල ඇතුළත් ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කොට ඇති මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ  විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. සරවනමුත්තු හා පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් හා නිතිපතිවරයා නම්කර තිබේ.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අතර එය සළකා බැලීම ජුලි 5 දාට කල්දැමිණ.

Related posts

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළට. අද දිනට 29ක් වාර්තා වෙයි.

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday