Colombo Today Local News

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති තත්වය සහ ජාතික ගැටලුවට දේශපාලන විසදුම්  ගෙන ඒම ඇතුළු කාලීන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කරයි.
 

ඉන්දීය මහ මැතිවරණයෙන් දෙවන වරටත් අග්‍රාමාත්‍යධූරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා ඉරිදා (9) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර මෙදින පස්වරුවේ ඉන්දීය තානාපති කාර්යාලයදී දෙමළ ජාතික සන්ධාන පිරිවරද හමුවීමටද නියමිතය.

එම හමුව සහ සාකච්ඡා කරනු ලබන කරුණු කාරණා පිළිබද ලංකාදීපය වෙත අදහස් පළ කරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, දෙමළ හා මුස්ලිම් ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු, ජාතික අර්බුදයට දේශපාලන විසදුම් ගෙන ඒම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් හා නැවත පදිංචිකිරීම්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍ රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා පිළිබද සාකච්ඡා කරන බවද සුමන්තිරන් මහතා කීය.

Related posts

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : ප්‍රකාශ සටහන් කර ගත් දුලාංජලී රටෙන් යයි

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday