Colombo Today Local News

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

nawa1-3උඩරට මැණිකේ දුම්රියේදි පැහැරගන්නා ලද චීන ජාතික යුවලකගේ අත් බෑගය පැය කිහිපයක් ඇතුළත ජී.පී.එස්. තාක්ෂණය හරහා සොයා ගැනීමට හැටන් පොලිසියේ නිළධාරීන් සමත්ව තිබෙනවා. පසු ගිය 28 වනදා ලංකාවට පැමිණ ඇති මෙම යුවල පෙරේදා 2 උඩරට මැණිකේ දුම්රියෙන් බදුල්ල බලා ගමන් කරමින් සිටියදී හැටන්, රොසැල්ල දුම්රිය ස්ථානය අසලදී චීන කාන්තාව සතුව තිබූ අත්බෑගය දුම්රියේ ගමන් කරමින් සිටි සැකකරුවෙකු විසින් පැහැරගෙන දුම්රියෙන් පැන පලාගොස් තිබෙනවා. පසුම එම යුවල සහ මාර්ගෝපදේශිකාව විසින් හැටන් පොලීසියට මේ පිළිබදව පැමිණිලි කර රාත්‍රියේ හැටන් ප්‍රෙද්ශයේම නවාතැන් ගෙන තිබෙනවා. එහිදී තමන්ගේ අතේ තිබූ දුරකථනයෙන් අත්බෑගයේ තිබූ දුරකථනය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කරන බව හැටන් පොලීසියට දැන්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් එම අත්බෑගය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රෙද්ශයේ තිබියදී සැකකරුත් සමග සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

ලංකා මුදලින් රුපියල් ලක්ෂ පහත් පමණ වටිනා ඇමරිකානු ඩොලර් සහ චීන යෙන් මුදල් සහ චීන කතගේ ගුවන් ගමන් බලපත්‍රය, ක්‍රෙඩිට් කාඩ් කිහිපයක් සහ වටිනා ජංගම දුරකථනයක් මෙම බෑගයේ තිබී ඇති අතර බෑගය සොයා ගන්න අවස්ථාව වන විට සැකකරු විසින් එයින් රුපියල් තුන්දහසක පමණ මුදලක් වියදම් කර තිබුණු බවයි පොලීසිය පවසන්නේ. ශ්‍රී ලංකාවේ පොලීසිය අතිවිශිෂ්ඨ පොලීසියක් බවත්, පැය විසිහතරක් ගත වීමට මත්තෙන් තම බෑගය සොයා දීමට පොලීසිය සමත් වූ බවත් මෙම මෙහෙයුමට සහභාගීවූ සියළුම නිළධාරීන්ට ප්‍රසංශා කරමින් චීන යුවල පවසා තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් හැටන් පොලීසිය ප්‍රකාශ කරනවා.

හැටන් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩිලාන් දිගහවතුර මහතා ප්‍රමුඛ නිලධරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලැබුවා.

nawa1-1nawa1-2

Related posts

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday

කෝටියකට අධික හෙරොයින් සමග පොල් වෙළෙන්දෙකු නාගලගම් විදියේදී අල්ලයි

colombotoday

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

සෞඛ්‍ය වර්ජනය නිසා යුද හමුදාවත් රෝහල් සේවයට

Admin

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday