Colombo Today Local News

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව – ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදු කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහම්මදු නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන් මුලාකර විවිධ නම් වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බව සදහන්.

සැකකරු සතුව තිබී යුධ හමුදාව භාවිත කරන කමිස තුනක්, කඩුවක්, ඩ්‍රෝන යානාවක්, ජංගම දුරකතනයක්, කැමරා දෙකක්, ලැප්ටොප් පරිඝණක 03ක් ඇතුළු උපකරණ තොඟයක් ද විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.

Related posts

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday