Colombo Today Local News

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

පුද්ගලයෙකු ගැන සිතා නොව රට ගැන සිතා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  බඩ ඉරිඟු  වගාවට සේනා දළඹුවාගෙන් සිදු වූ හානිය වෙනුවෙන් ගොවීන් වෙත වන්දි පිරිනැමීමේ උත්සවයකට මනම්පිටියේ දී සහභාගී වෙමිණි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (30) පැවති මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ,

ප්‍රශ්නය; මේ දිනවල දැඩි කතා බහකට ලක්ව තිබෙනවා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීමට විවිධ බලපෑම් කරන බවට.

පිළිතුර :රිසාඩ් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වී තිබෙනවා. අපිත් ඒයට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා. පුද්ගලයින් ගැන සිතා නොව රට ගැන හිතා ඊට ඡන්දය පාවිච්චි කරනවා.

ප්‍රශ්නය: රිසාඩ් ඇමතිවරයා යුධ හමුදාපතිවරයාට විටින් විට ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බලපෑම් කළා කියලා හමුදාපතිවරයා කියා තිබුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා  විශ්වාසභංගයකට කළින් මොහු ඉවත් කරන්න පියවර ගන්න ඕන. ඒ පිළිබඳව ඔබගේ අදහස..?

පිළිතුර:පාර්ලිමේන්තුවෙන් අයින් කරනවා කියන්නේ ලොකු පියවරක්  ඒකට පරික්ෂණයක් කරන්න වෙයි. විශ්වාසභංගය කියන්නේ පාර්ලිමේන්තුව උසාවියක් නෙමෙයි. මේ අයට විරුද්ධව හිරේ දාන්න කියන්න නෙමෙයි පාර්ලිමේන්තුවේ අහන්නේ. ඔබට මොහු ගැන විශ්වාසයක් තියෙනවාද නැද්ද කියන කාරණය විශ්වාසභංගය පැරදුනත් එයාට කිසිම හානියක් වෙන්නේ නෑ.හිරේට යන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන මෙයා ගැන විශ්වාසයක් තියෙනවා ද නැද්ද කියලා.මට නම් විශ්වාසය තියෙනවා හමුදාපති ගැන යනුවෙන් ඔහු පැවසීය.

Related posts

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday