Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට පුරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා. සිංහල හා දෙමළ පාරිභෝගිකයන් එම ව්‍යාපාරික ස්ථාන ප්‍රතික්ෂේප කිරීම එයට හේතු වී තිබෙනවා.

පිටකොටුවේ මුස්ලිම් තොග වෙළද වයාපාරවලටද මෙම බලපෑම දැඩිව දැනී තිබෙන අතර, පිට පළාත්වලින් පැමිණෙන වෙළදුන් මුස්ලිම් තොග ව්‍යාපාර ප්‍රතික්ෂේප කර සිංහල සහ දෙමළ තොග කඩ වෙත පමණක් යෑමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම වෙසක් උත්සවය ඉලක්ක කරමින් අනායනය කල විදුලි බල්බ්, වෙසක් කූඩු, කොඩි, වෙසක් කාඩ් ඇතුළු සැරසිලි ද අලෙවිය ඉතා පහළ අගයක් ගත් බවයි පැවසෙන්නේ.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ තව්හිද් ත්‍රස්තවාදීන් සදහා කෝටි ගණනින් අරමුදල් සපයා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බවට හෙළි වී තිබෙන අතර, මුස්ලිම් ව්‍යාපාර වර්ධනය සදහා යෙදවෙන මුදල් අන්තවාදය පෝෂණය කිරීමට ලබා දෙන අරමුදලක් බවටත්, එය සියතින් ගෙළ සිදගැනීමට සමාන බවත් සිංහල /දෙමළ සමාජය අතර මතයක් ඇතිවී තිබෙනවා.

එමෙන්ම තව්හිද් ත්‍රස්ත සැකකරුවන් සතුව තිබී වද පෙති, ගබ්සා පෙති සහ මත් පෙති තොග ගබඩාවක් කොළඹ ආදුරුප්පු වීදියෙන් සොයා ගැනීමත් සමග, කලක පටන් ආන්දෝලනයට තුඩ දී තිබුණු වද භාවය ඇති කරන රසායනික ද්‍රව්‍ය පිළිදව කුකුස තහවුරු වීමද සිංහල/දෙමළ පාරිභෝගිකයන් මුස්ලිම් වයාපාර ප්‍රතික්ෂේප කිරීමට තවත් ප්‍රබල හේතුවක් වී තිබෙනවා. තේ කොළ වලට කවලම් කිරීම සදහා සූදානම්කර තිබූ අධි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය ලීටර් 1600ක් පමණ පසුගිය සතියේ මාතලේ දී සොයා ගැනීමත් සමග ආහාරවලට විෂ එකතු කිරීමේ තවත් මහාපරිමාණ ජාවාරමක් අනාවරණය විය.

මේ අතර ජමියාතුල් උලෙමා පූජක සභාව විසින් ක්‍රියාත්මක කරන හලාල් සහතිකයෙන් උපයා ගන්නා මුදල් ඉස්ලාම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහා යෙදනෙ බවට බොදුබල සේනා සංවිධානය විසින් කලකට පෙර අනාවරණය කර තිබුණු අතර, පාස්කු ප්‍රහාරයෙන් පසුව හලාල් සහතිකය සහිත භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමටද ජනතාව පෙළඹී තිබෙනවා.

Related posts

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

colombotoday

සංගක්කාරගේ බිරිඳ අඩු ‍ආදා­ය­ම්ලා­භි­යකු සේ පෙනී සිට කූට ලේඛන සකසා ඉඩ­මක් පවරා ගනියි. සැමියාගේ මාසික වැටුප රුපි­යල් 7,000 යි ලු.

colombotoday

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday