Uncategorized

ඩ්‍රෝන යානයකින් රත්නපුර නගරය ඡායාරූපගත කළ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට… සහරාන්ගේ සගයන් බවට තොරතුරු….

ඩ්‍රෝන යාත්‍රා යොදාගනිමින් ඊයේ (19) රාත්‍රී කාලයේදී රත්නපුර පල්ලෙකන්ද කඳු මුදුනට නැග රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශ වල දර්ශන පටිගත කරමින් සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා රත්නපුර පොලිසියට භාරදී තිබෙනවා

සවස 6.30 පමණ ඔවුන් මෙම කඳු සහිත ප්‍රදේශයට යන බව දුටු ගම්වාසීන්ට ඔවුන් ගැන විශාල සැකයක් ඇතිවී ඇති අතර ඒ පිලිබඳ සොයා බැලීමේදී කැමරා දෙකක් යොදාගනිමින් ඔවුන් රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශවල ඡායාරෑප ගනිමින් සිට තිබෙනවා,

පසුව ගම්වාසීන් විසින් ඔවුන් ඒ පිලිබඳ යුධ හමුදාවට දැන්වීමෙන් අනතුරුව ඔවුන්ගේ සහය ඇතිව ඔවුන්ව රත්නපුර පොලිසියට භාර දී තිබෙනවා

ඔවුන්ගේ ජංගම දුරකථන වල තිබී පහත ඡායාරූප හමුවී තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශයේ ස්වාමින්වහන්සේ නමක් පැවසුවේ ඉහත පුද්ගලයන් දෙදෙනා සමග සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලකයකුගේ පුතෙකු ද අල්ලා පොලිසියට බාර දුන් බවයි. අදාල තැනැත්තාගේ නිවස පරික්ෂා කිරීමේදී කුරාණ පොත් දෙකක්, යුද හමුදාව භාවිතා කරන හිස්වැස්මක්, අංක තහඩු රහිත අධි බලැති යතුරු පැදියක්ද සොයාගත් බවයි. එම පුද්ගලයාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී තව්හිද් ජමාත් ත්‍රස්තයන් සමග පැවත්වූ සබදතා පිළිබද තොරතුරුද හෙළිවූ බව එහිමියන් සදහන් කරයි.

කෙසේ වෙතත් රත්නපුර DIGවරයා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ මුදල් ලබාගෙන නීතිය නිසාකාරව ක්‍රියාත්මක නොකරන බවද චෝදනා කරන එම හිමියන් කියා සිටියේ රත්නපුර නගරයේ සියළුම මුස්ලිම් ව්‍යාපාරිකයන් තව්හිද් ජමාත් අන්තවාදීන්ට මුදල් ලබා දී ඇති බවයි.

එම වීඩියෝව පහත දැක්වේ.

https://www.facebook.com/chamara.pradeep.562/videos/1502112779950758/

Related posts

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

ප්‍රබලයෙක් සමග තරගයට ඤාණසාර හිමි මහ මැතිවරණයට !

colombotoday

ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලන

Admin

පොලිස් පරිසර ඒකකය නැවත බලගැන්වෙයි… රටපුරා පවිත්‍රතා වැඩසටහන් උදෑසන 5.30 ආරම්භ කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

විදේශ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක්

colombotoday

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday