Colombo Today Local News

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අරඹා ඇති ෂරියා උපාධි දෙන ව්‍යාජ විශ්ව විද්‍යාලය අන්තවාදීන් බිහිකරන තිඹිරි ගෙයක් බව කරුණු සහිතව පෙන්වුව ද ඒ ගැන වගකිවයුත්තන් නිහඬ බවත් කාට අමතක වුවද, අමතක කරන්නට පෙළඹුවද මේ ආයතනය වසා දමන තෙක් තම සටන අත් නොහරින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන කොළඹ බෞද්ධ සම්මේලනයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අන්තවාදී අධ්‍යාපනය පිටු දැකීමේ ජාතික එකමුතුව මාධ්‍ය හමුව කැඳවා තිබුණි. කරුණු දැන දැනම පසුගිය සතියේ නැගෙනහිර පළාතට ගොස් හිස්බුල්ලා හමු වී මේ ආයතනය සඳහා ආශිර්වාදය ලබා දීම ගැන ලැජ්ජා විය යුතු බව ද ඒ මහතා පැවසීය.

“අද මේ ආණ්ඩුව, මුස්ලිම් නායකයන් සිංහල ජන සමාජය විහිලුවට අරන්. ඕනෑම දෙයක් කියල රවටන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවා. කඩු තියෙන්නේ දැරිවියෝ රකින්නලු, එතකොට වැල්ලවායේ ස්නයිපර් තිබුනේ නැන්දම්මලා රකින්නද? මේ විහිලු ඇති දැන්. ජන්ද ගැන විතරක් හිතන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගැන අද සිංහල සමාජයේ විශ්වාසය සීග්‍ර ලෙස බිඳ වැටෙමින් තියෙනවා.

සමාජ මාධ්‍ය වරණය කරලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බෑ. මිනිස්සු VPN දාගෙන ෆේස් බුක් යනවා. ගිහිල්ල කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියලද? පල්ලි කුඩු කරපිය කියලද? නෑ. අපට ආරක්ෂාව දෙන්න; විශ්වාසය තහවුරු කරන්න කියල.

එදා JVP කලබල කාලේ පන්සල් පරීක්ෂා කළා; හාමුදුරුවෝ එපා කිව්වද? කොටි ත්‍රස්තවාදී කාලේ කෝවිල් පරීක්ෂා කළා; කුරුක්කල්ලා, පුසාරිලා කිව්වද එපා කියල; ඇයි දැන් අමුතුද? තවත් විහිළු කරන්න එපා. රටට සතියක් ඇඳිරි නීතිය දාල හැම ගෙයකම, ආයතනයක්ම, සිද්ධස්ථානයක්ම පරීක්ෂා කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න නිදහස, විශ්වාසය ලබල දෙන්න.

හිස්බුල්ල මේ හොර උපාධි කඩේට කෝටි 1400ක් වියදම් කරනවා කිව්වා. එත් වියදම් කරලා තියෙන්නේ කෝටි 700. ඉතිරි 700ට මොකද උනේ. අනිත් පැත්තෙන් ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් කියනවා ත්‍රස්තවාදීන්ගේ කෝටි 700 දේපල රාජ සන්තක කරාලු. මේවා කාගේ දේපලද. ඉතින් අපට හිතන්න සිද්ධ වෙන්නේ මොකක්ද? අපි තීරණාත්මක ලෙස කියනවා. මේ රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ හොර ගුහාව වහන්න නැත්නම් අපි වහන හැටි දන්නවා. අපට පුනානී එන්න ඉඩ තියන්න එපා”.

මෙහිදී මාධ්‍ය ඇමතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව ඇරඹු සැක සහිත මේ ආයතනය වසා දැමීමට වහා ක්‍රියා කල යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊලග විධායක සභාවේදී හිස්බුල්ලාගේ ආයතනයට එරෙහිව දැඩි තීරණයක් ගනු ඇති බවත් විශ්වාසය පළ කළේය. සයිටම් පන්නයේ පුනානි හොර උපාධි කඩයට එරෙහිව කටයුතු කිරීමට සයිටම් සටනේදී ලැබුණු අත්දැකීම් ඉවහල්වනු ඇති බවද ඒ මහතා ප්‍රකශ කළේය.

සුරකිමු ලංකා පදනමේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි පැවසුවේ හිස්බුල්ලාගේ හොර උපාධි කඩය ඔස්සේ රටට පැමිණි විශාල ධනස්කන්ධයක් 2015 අගෝස්තු මහමැතිවරනයේ දී ප්‍රධාන පක්ෂයක නායකයකුට ලබා දී ඇති බවත් ඒ ගැන තොරතුරු නුදුරේම රටට හෙළි වනු ඇති බවත්ය. පසුගියදා වයඹ පළාතේ ඇති වූ නොසන්සුන්තාව රනිල්-මංගල-රාජිත ව්‍යාපෘතියක් බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

හින්දු පුජක දර්ශක ශර්මා, ආචාර්ය ලලිතසිරි ගුණරුවන්, වෛද්‍ය චන්දික එපිටකදුව, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වුහ.

– විදර්ශක කරුණාතිලක

Related posts

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

ජේෂ්ඨයන් කපා දමා සිය බිරිඳව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කරන්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දැඩි උත්සාහයක

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

colombotoday